Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Home > රූපලාවන්‍ය > ඇස් වටා අවපැහැ ගැන්විලාද?

ඇස් වටා අවපැහැ ගැන්විලාද?

ඇස් වටා කළු වීම අද  රූපලාවන්‍ය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද තිබෙන ගැටළුවක්. සම කෙතරම් පැහැපත් වුවද ඇස්වටා කළු පැහැ ගැන්වී ඇත්නම් ඔබ දෙස බැලු බැල්මට කෙනෙකුට දිස්වෙන්නේ ඔබේ ඇස් වටා තිබෙන කළුපැහැ ගැන්වුණු කොටසයි.  එතුළින් ඉතා අවලස්සන පෙනුමක් මුහුණට ලැබෙනවා. එය අසහනකාරී ප්‍රශණයක් වුව ද අප එදිනෙදා පාවිච්චියට ගන්නා දේවල්වලින් ඉතාමත් පහසුවෙන් එම කළු පැහැය ඉවත්කර ගන්න  පුළුවන්. කරන්න තියෙන්නේ සුළු දෙයක්.

පිපිඤ්ඤා

cucumber

අර්තාපල්

potato

තක්කාලි

tomato

රෝස වතුර මේස හැදි 4ක්

images

පුළුන් කැබලි දෙකක්

images

පිපිඤ්ඤා, අර්තාපල් සහ තක්කාලි කුඩා කැබලිවලට කපා  කලවම්කර  එයට රෝස වතුර එක්කරන්න. ඉන්පසු එම මිශ්‍රණය බ්ලෙන්ඩරයක් ආධාරයෙන් මිශ්‍රකර පල්පයක් සාදාගන්න. පුළුන් කැබලි දෙක මතට එම මිශ්‍රණය තවරා එය විනාඩි 10ක් පමණ අධි ශීතකරණයේ තබන්න.

ඉන් පසු එම පුළුන් කැබලි දෙක දෑස්මත විනාඩි 15ක් පමණ තබා දෑස් සෝදාගන්න. මොයිස්ච(ර්)රයිසින් ක්‍රීම් වර්ගයක් ඉතා මෘදුව දෑස් වටා ආලේප කරන්න.

මෙම සත්කාරය සතියකට දෙවරක් කිරීමෙන් ඉතා කෙටි කාලයකින් ඔබට අවශ්‍යය පරිදි ඔබගේ දෑස් වටා පැහැපත් කරගැනීමේ හැකියාව ලැබේවි.

 

 

You may also like
ඇස් දෙකෙත් පච්චා කොටයි
දවස් තුනෙන් ඇස් පිල්ලමේ වෙනස බලන්න

Leave a Reply