Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Home > Uncategorized > ipanel

ipanel

ඔබගේ සොඳුරු නිවසටත් ෆිනිෂින් වහලයක් ගහන්න සැලසුම් කරනවාද? එහෙම නම් මේ පුවත ඔබට හුඟාක් වැදගත් වේවි.

ෆිනිෂින් වහලයක් කියන්නේ නිවසේ අලංකාරය දෙගුන තෙගුනකරන අංගයක්. ඒ නිසාම  බොහෝ දෙනා තමන්ගෙ නිවසටත් ෆිනිෂින් වහලයක් ගහගන්න තමයි වැඩි කැමැත්ත. ෆනිෂින් වහලය කියන්නෙ හොඳට ෆිනිෂ් කල පරාල පහලට පේන විදියට, සිවිලිම් ලෑලි/පැනල් පරාල වලට උඩින් සවිකරන වහලය ගහන ක්‍රමයක්. මේ විදියට වහලය ගැහුවම ගෙදර හරිම ලස්සනයි. ගෙදර ඉඩකඩත් වැඩියි. ඒත් ඉතින් මේකට ටිකක් වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා. සිවිලිම් ලෑලි වලට මේකෙනුත් වැඩි මුදලක් වැය වෙනවා. ලෑලි වලින් සිවිලිම ගහනකොට ලෑල්ල පොලිෂ් කරල ඉවර වෙලා අවශ්‍ය ප්‍රමාණයට කපනවා. එතකොට ලෑල්ලට සහ පොලිෂ් කරන්න දරපු වියදමත් අපතෙ යනවා.ඒ විතරක් නෙවෙයි.කාලෙන් කාලෙට මෙක පොලිෂ් කරන්න ඕන. ඒ වගේම ටික දවසක් යනකොට ගුල්ලො විදල ලෑල්ල දිරාපත් වෙනවා. කාලගුණික විපර්යාසත් එක්ක සිවිලිම් ලෑලි ඇදවෙන එක අනික් ප්‍රශ්ණය.ඒ නිසා කාලය වගේම මුදල් ද අපතෙ යනවා.ඒ විතරක් නෙවේ හදිසියෙ ගින්නක් ඇති වුනොත් ලෑලි ඒ ගින්න දෙගුන තෙගුන කරනවා. තවත් වැදගත් කාරණයක් තමයි ලෑලි සිවිලිම වහලයට තවත් ලොකු බරක්. වහලයේ බර වැඩි උනාම කාලයක් යනකොට බිත්ති පුපුරනවා.

ඔය ඉහලින් කිව්ව හැම ප්‍රශ්නයකටම විසඳමක් තියෙනවා. ඒ තමයි i-Panel. අයි පැනල් කියන්නෙ 100% ලී පෙනුම තියෙන, ඒ වගේම 100% සෞඛ්‍යයට හිතකර සිවිලිම් පැනල් (සිවිලිම් ලෑලි). තේක්ක,බුර්මා තේක්ක, නැදුන් සහ කිතුල් කියන ඔය හැම වර්ගයකින්ම මේ සිවිලිම් ලෑල්ල ගන්න තියෙනවා. මේ සිවිලිම් පැනල් එක කෙලින්ම ෆිනිෂින් වහලයට සම්බන්ධ කරන්න විතරය තියෙන්නෙ. ඒ කියන්නෙ නැවත පොලිෂි කරන්න හෝ දැව ආරක්ෂක යොදන්න අවශ්‍ය නෑ. ඒ නිසා ලෑලි අපතෙ යෑමක් සිද්ධ වෙන් නෑ. මේ  i-Panel ෆිනිෂින් සිවිලිම් පැනල් එකේ ජලය ගෑවුනා කියල කිසිම ප්‍රශ්ණයක් නෑ. ඒ කියන්නෙ Water Resist. ඒ නිසා කාලෙන් කාලයට පොලිෂ් කරන්න අවශ්‍ය නෑ. ඒ වගේම  i-Panel සිවිලිම් පැනල් බරින් අඩුයි. ඒ නිසා වහලයේ බරත් අඩු වෙනවා. මේ සිවිලිම් ලෑල්ල දිග අඩි 4ක් සහ පළල අඟල් 4ක් වෙනවා.(4’x4″) ඉහල ඡායාරූපයේ තියෙන්නෙ i-Panel යොදල නිම කරපු ෆිනිෂින් වහලයක්. ඇත්තටම කිව්වොත් ලෑලි වලින් කලාට වැඩිය හොඳ නිමාවක් මේ i-Panel වල තියෙනවා.මේ දිග අඩි 4ක් සහ පළල අඟල් 4ක් වෙන ෆිනිෂින් සිවිලිම් පැනල් එකක සාමාන්‍ය මිල රු.235/= ක් පමණ වෙනවා.

දැන් කියන්න යන්නෙ ඔබට තවත් සුභ ආරංචියක්. ඒක තමයි මේ සිවිලිම් පැනල් එකට තිබෙන විශේෂ දීමනවාක් ගැන.

ෆිනිෂින් වහලයේ සිවිලිම් පැනල් වලට සුපිරි වාසියක්. ඔරිජිනල් සියන/සිවිලිම ෆිනිෂින් පැනල් සඳහා After Awurudu විශේෂ දීමනාවක්.

සාමාන්‍ය මිල රු.235/= උනාට මේ විශේෂ දීමනාව තිබෙන කාලයේදී එක පැනල් එකක් රු.180/= වගේ ඉතාමත් අඩු මිලකට ගන්න පුළුවන්. මේ දීමනාව තිබෙන්නේ අප්‍රේල් 20 දක්වා පමණයි. ඒ වගේම තමයි ඔබගේ වහලයට i-Roof සෙවිලි ශීට් මිලදී ගන්නවා නම් මේ පැනල් එකේ මිල තවත් රු.10/=කින්ම අඩු වෙනවා. (*කොන්දේසි අදාල වේ)

 

Leave a Reply