Home > Uncategorized > finishing-Roof

finishing-Roof

ෆිනිෂින් වහලයට හොඳම තේරීම පිළිබඳව දැනගන්න.
ඔබත් නිවස අලංකාර කිරීමට ෆිනිෂින් වහලයක් ගැසීමට සූදානම් වෙනවා නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. ගෙයක් ලස්සන කරන්නෙ වහලය කියල කියමනක් තියෙනව.ඉතින් මේ වහලය නිම කරවා ගැනීම සඳහා “සියන වැලිසර” වෙත පැමිණෙන ඔබට ලැබෙන විශිෂ්ඨ සේවාවක් වන i-Finishing Roof පිළිබඳවයි මේ කතා කරන්නෙ.

නවීනතම නිවෙස් සඳහා ෆිනිෂින් මාදිලියට වහලය සකස් කිරීම දැන් ප්‍රවනතාවයයි.
ෆිනිෂින් ආකාරයට වහලය නිර්මානය කිරීමේදී සාමාන්‍යයෙන් කෙරෙන්නේ කෙම්පස් ලී පොලිෂ් කර සැකැස්ම(Frame Work) නිර්මානය කර ඊට ඉහලින් ලී සිවිලිම් ලෑලි යොදා, ඊට ඉහලින් රීප්ප යොදා ඉන් පසු ඇස්බැස්ටෝස් හෝ උළු යොදා වහලය සෙවිලි කිරීමයි. 
සිවිලිම සඳහා ලෑලි භාවිතා කිරීමේදී පාරිභෝගිකයින්ට පසුකාලීනව සහ එම මොහොතේම මුහුණ දීමට සිදුවන අවාසි කිහිපයක්ම තිබේ.ලෑලි භාවිතයේදී එය නිරන්නතරයෙන් නඩත්තු කිරීමට සිදු වේ.දුර්වර්ණ වීම,ගුල්ලන් හානි කිරීම කාලගුණ විපර්යාස සමග වෙනස් වීම් වලට භාජනය වීම වගේම ලෑලි භාවිතයේදී එය වහලයට අතිරේක අධික බරක් වහලයට එක කරයි. එමගින් වහලයේ බර වැඩි වීම නිසා කෙටි කාලයකින් නිවසේ බිත්ති පුපුරා යාමට පටන් ගනී.
එපමණක් නොව වහලයට උළු හෝ ඇස්බැස්ටෝස් ශීට් භාවිතය තුලින්ද වහලයේ බර තව තවත් වැඩි කරයි. එනිසාද බිත්ති පිපිරීම තව තවත් වැඩි වේ. උළු සහ ඇස්බැස්ටෝස් භාවිතයේදී එම දෙවර්ගයම කෙටි කාලයකින් දුර්වර්ණ වේ. පාසි සහ දියසෙවල බැඳේ. එය ඉවත් කිරීම ඉතාමත් අපහසු කාර්යයකි. සාමාන්‍යයෙන් උළු වහලය කෙතරම් නිවැරදිව සකස් කලත් ඉතාමත් කෙටි කාලයකින් ගෙතුලට වැහි වතුර කාන්දුවන බව ඔබ අත් දැක ඇති.එමෙන්ම වහලය මත අැවිදීමට නොහැක.
ඇස්බැස්ටෝස් යනු සෞඛ්‍යයට අහිතකර පිලිකාකාරක අඩංගු නිශ්පාදනයකි.මේ වන විට ලොව දියුණු රටවල් 59ක පමණ මෙම නිශ්පාදනය තහනම් කර ඇත.
දැන් අප කතා කරන්නට සූදානම් වන්නේ “සියන වැලිසර” අප ආයතනය ෆිනිෂින් වහලයක් නියම තාක්ෂනික ක්‍රමවේදයන්ට අනුව සකස්කරන ආකරය පැහැදිලි කිරීමටයි.
අපගේ තාක්ෂනික නිලධාරී මහතකු විසින් ප්‍රථමයෙන්ම අදාල නිවෙස සහ නිවසේ සැලැස්ම පරීක්ෂා කිරීමෙන් අනතුරුව කෙම්පස් වර්ගයේ දැව නියමිත පදම්කිරීම්වලට ලක්කිරීමෙන් අනතුරුව සැකැස්ම (Frame Work) සකස් කරනු ලැබ්‍ෙ.ඉන් අනතුරුව ප්‍රමිතියෙන් ඉහලම Original i-Panel භාවිත කර පරාල මත සිවිලිම සකස් කරගනු ලැබේ. i-Panel යනු දැවයෙන් කලාට වඩා නිමාවෙන් උසස්,ජලයට,ගින්නට,කෘමීන්ට ඔරොත්තු දෙන බරින් අඩු ඉතාමත් විශිෂ්ඨ සිවිලිම් පැනල් වර්ගයකි. බරින් අඩු වීම නිසා බිත්ති මතට යෙදෙන බර අඩුය. එමනිසා බිත්ති පුපුරා යන්නේ නැත. i-Panel ජලයට සහ කාලගුණ විපර්යාස වලට ඉතාමත් හොඳින් ඔරොත්තු දේ.ඒ නිසා පසුකාලීනව නඩත්තු වියදමක් නැත.දුර්වර්ණවීම් නැත. 100% දැව නිමාවෙන් යුක්ත වේ. එමෙන්ම 100% සෞඛ්‍ය ආරක්ෂිත නිශ්පාදනයකි.


ෆිනිෂින් සිවිලිම් ලෑලි ඇතිරීමෙන් අනතුරුව දැව ආරක්ෂක යොදා රීප්ප සැකැස්ම ඒ මත නිර්මාණය කරගනී. ඉන් අනතුරව ඉතා වැදගත්ම අංගයක් වන වහලය සෙවිලි කිරීමයි. 
වහලය සෙවිලි කිරීම සඳහා “සියන වැලිසර” අප ආයතනය ප්‍රමිතියෙන් බාල යල්පැනගිය උළු,ඇස්බැස්ටෝස් හෝ සින්ක් ඇලුමිනියම් (*මානෝ) වැනි නිශ්පාදන යොදා ගන්නේ නැත. අප ඒ සඳහා යොදා ගන්නේ නවීනතම තාක්ෂණයෙන් නිශ්පාදනය කෙරෙන වසර 10ක වගකීමක් ලබාදෙන,උළු වහලයක අලංකාරවත් පෙනුම ලබාදෙන Original i-Roof සෙවිලි ශීට් පමණි. 

i-Roof කියන්නේ වහලය සෙවිලි කිරීමට තිබෙන ශීට් එකක්. හැබැයි මේක උඩ ගියා කියල කැඩෙන්නෙ බිඳෙන්නෙ නෑ. ඒක ෂුවර්. පුදුම හයියක් තියෙන්නෙ. එහෙම උනා කියල බර නම් හරිම අඩුයි.ඒ නිසා බිතිති මත යෙදෙන බර තවත් අඩුවෙනවා. මේ i-Roof ශීට් එක වහලයට සවි කලාම හරියටම සිංහල උළු වහලයක් වගේ පෙනුම. රස්නය පහලට එන්නෙත් නෑ. ඒකට විශේෂ තාක්ෂණයක් යොදල තියෙනවා. මේ ශීට් එකේ දියසෙවල අල්ලන් නෑ. මොකද Auto Clean කියන තාක්ෂණය මේ ශීට් එකට යොදල තිබෙනවා. ඒ කියන්නෙ වහලයේ එකතු වන දූවිලි සියල්ල එක වැස්සක් වැස්ස ගමන් සේදිලා යනවා. ඒ එහි මතුපිට නිමවා තිබෙන සුවිශේෂී නිමාව සහ ලේයරය නිසා. තවත් සුවිශේෂී කාරණයක් තමයි මේ ශීට් එකෙ වැස්ස වෙලාවට සද්දය හරිම අඩුයි.මේ අතරින් තවත් මතක් කල යුතුම සුවිශේෂී කාරණයක් තමයි i-Roof ශීට් ඒක නිපදවන්න අමුද්‍රව්‍ය ලබා ගන්නෙ දකුණු කොරියාවෙ LG සමාගමෙන් පමණයි. LG කියන්නෙ තාක්ෂණෙයන් ඉහලම සමාගමක්.(අපි කවුරුත් දන්න LG විද්‍යුත් උපකරණ නිපදවන සමාගමේ ASA අමුද්‍රව්‍ය නිපදවන අායතනය)

මේ i-Roof ශීට් වර්ණ කිහිපයකින්ම ලබා ගත හැකියි. සාමාන්‍ය උළු පැහැය (Brick Red), කොළ පැහැය (Green), චොකලට් බ්‍රවුන් (Chocolate Brown) යන වර්ණ වලින් තෝරාගත හැකියි.

දැන් ඔබගේ සොඳුරු නිවසේ ෆිනිෂින් වහලයට සාදවා ගැනීමේ ප්‍රශ්ණයට හොඳම විසඳුමක් ලැබුනා නේද? මේ ආකාරයේ iRoof ෆිනිෂින් වහලයක් නිමකර ගැනීමට වර්ග අඩියක් සඳහා අය කිරීම රු.1200/= පමණ වෙනවා.නමුත් දැන් ඔබට කියන්න යන්නෙ තවත් සුභ ආරංචියක් ඒ තමයි “සියන වැලිසර” අප ආයතනය මගින් ලබා දෙන විශේෂ දීමනාවක් පිළිබඳව. සාමාන්‍යයෙන් බාස් කෙනෙක් යොදා ෆිනිෂින් වහලයක් නිර්මාණය කිරීමේදී වර්ග අඩියකට රු.900/=ක් පමණ වැය වෙනවා. ඒ ප්‍රමිතියෙන් බාල යල් පැන ගිය සෞඛ්‍යයට අහිතකර ඇස්බැස්ටෝස් හෝ උළු භාවිත කර. එමෙන්ම ලෑලි හෝ ඇස්⁣බැස්ටෝස් සිවිලිමක්. නමුත් අප විසින් Original i-Panel සහ Original i-Roof භාවිත කර අපගේ තාක්ෂණික නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිමවෙන අලංකාර i-Finishing Roof එකක් සඳහා වර්ග අඩියක් සාමාන්‍ය මිල රු.1200/= වුවත්, සුවිශේෂී මිල අඩුකිරීමක් යටතේ රු.990/=ක අය කිරීමකට නිමවා ගැනීමට අවස්ථාව සලසා දීමට “සියන වැලිසර” කළමණාකාරීත්වය තීරණය කර තිබේ. එහිදී මෙම මුදල අය කෙරෙන්නේ අමුද්‍රව්‍ය සියල්ලද ඇතුලුවයි.ඒ නිසා පාර්භෝගිකයිනට කිසිඳු කරදරයකින් තොරව තම වහලයේ වැඩ සිදුකරගත හැකියි. මෙම සුවිශේෂි දීමනාව නොවැම්බර් 19 දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න.
25% ක අත්තිකාරම් මුදලක් ගෙවීමෙන් ඔබගේ ඇනවුම තහවුරු කල හැකියි.
0711514456 (දේශීය) +94711514456 (විදේශීය) මගින් අමතා විස්තර ලබා ගත හැකියි.වයිබර් වට්ස්ඇප් මගින් ඇමතිය හැකිය.
මෙහි වාසිය උදාහරණයක් ලෙස වර්ග අඩි 2000 ක නිවෙසක් සඳහා නම් රුපියල් ලක්ෂ 5කට වැඩි ඉතිරියකි. මෙය ඉතාමත් කලාතුරකින් ලැබෙන අනගි අවස්ථාවකි.
දැන්ම 0711514456 අමතන්න. වයිබර් සහ වට්ස්ඇප් මගින් ඇමතිය හැකියි.
මෙම සුවිශේෂි දීමනාව නොවැම්බර් 19 දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න.
+94711514456

සියන වැලිසර Call Now +94 71 151 44 56